මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර සඳහා සූදානම් කෙරේ

    මාර්තු 22, 2020

    මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත පවසයි.

     

    මේ සියලු ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද අනිල් ජාසිංහ මහතා පවසයි.

    හෝමගම මූලික රෝහල කොවිඩ් 19 සැකකරන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට සූදානම් කර තිබේ.වොයිස් ඔෆ් ඇමෙරිකා ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ සහාය ඇතිව නවීකරණය කර
    ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇත.මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රෝහලේ ඇදන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකාය් සූදානම් කර තිබේ.

    එමෙන් ම මුල්ලේරියාව රෝහල ද නවීකරණය කර ප්‍රතිකාර සඳහා සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya