මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මහජන පැමිණිලි වෙතොත් 1913 අංකය අමතා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන්න

    මාර්තු 22, 2020

    මහජන පැමිණිලි වෙතොත් 1913 අංකය අමතා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන්න

     

    මාධ්‍ය නිවේදනය-

     

    ඇදිරි නීති සමය තුල මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම.

     

    ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් “ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නිවේදනය” යන මැයෙන් යුතුව අද දින එනම් 2020.03.21
    දින නිකුත් කරන ලද නිවේදනයට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ සදහා පනවා ඇති ඇදිරි නීතිය නැවත පනවන තෙක් තාවකාලිකව ඉවත් කරනු ලබන කාලසීමාවන් ඇතුලත දී එම ප්‍රදේශවල
    පිහිටා ඇති මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තැබිය යුතු බව රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

     

    දිවයින පුරා සීග්‍රයෙන් පැතිරී යන කොරෝනා හෙවත් COVID-19 වසංගතය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ගෙන ඇති මෙම තීරණයට අනුව කටයුතු කලයුතු බවටත්
    ඊට උපරිම සහයෝගය දැක්විය යුතු බවටත් සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා අදාල සියලුම සුරාබදු බලපත්‍ර ධාරීන් වෙත අවධාරණය කර සිටී. එසේ කටයුතු කිරීමට
    අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවට ද හෙතෙම වැඩිදුරටත් දන්වා සිටී.

     

    මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි වෙතොත් ඒවා 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත
    යොමු කළ හැකි වේ.

     

    කපිල කුමාරසිංහ.
    නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්.
    සුරාබදු දෙපාර්ථමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya