මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත- පොලීසිය

    මාර්තු 22, 2020

    අනුරාධපුර බන්ධනාගාරය තුළ ඊයේ(21) දිනයේදී ඇති වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද(22) උදෑසන පැවසීය.

    ඊයේ සවස ඇති වූ එම සිද්ධියේදී බන්ධනාගාර රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් පලායෑමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින්
    වෙඩි තැබීමක් සිදුකර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

     

    වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 08 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් රැඳවියන් 02කු මිය ගොස් තිබෙන බවත් අනෙක් රැඳවියන් 06දෙනා

    බන්ධනාගාර පොලීසියේ ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද ජාලිය සේනාරත්න මහතා පැවසීය.

     

    බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා මේ වන විටත් පොලිස් විශේෂ කාර්යය බලකාය, සහ අනුරාධපුර පොලීසිය යොදවා තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya