නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.
මෙහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, එම රෝහල් පරිශ්‍රයට ගොස් එම කටයුතු නිරික්ෂණය කළ අතර මෙම අවස්ථාවට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා නිරෝධාන කටයුතු සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
රසායනික ජීවවිද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පුහුණු වු බලගණය මෙහෙයවු ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා ද එක්ව සිටියේය.