මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    රෝග ලක්ෂණ පහළ වූ අය සිටී නම් අපගේ සෞඛ්‍ය පද්ධතිය හා එක්වන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 23, 2020

    කොරෝනා වෛරසය ආසාදිත රෝගින් සම්බන්ධව කට කතා සහ සමාජ මාධ්‍ය වල යන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසත් රෝගින් සම්බන්ධ සියළු සත්‍ය තොරතුරු දිනපතා ජනතාවට දැනුම් දෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඊයේ 22 දිනයේ මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ශ්‍රී ලාංකාවෙන් වාර්තා වු චීන කාන්තාවද සමඟ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 82ක් බවද ඒ මහතා පැවසීය. ඊයේ(22) දිනයේ Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    තව දුරටත් කොරෝනා රෝග ලක්ෂණ පහළ වූ පුද්ගලයන් සිටී නම් හැකි ඉක්මනින් ස්‍යෛඛ්‍ය බලධාරින්ට දුරකතනයෙන් දැනුම් දී හෝ 1990 සුවසැරියට ඇමතුම් ලබා දී සෞඛ්‍ය පද්ධතිය සමග සම්බන්ධ වන මෙන්ද අනිල් ජා සිංහ මහතා ඉල්ලා සිටියේය.

     

    මෙම රෝගය පිළිබඳව ඇතැමුන් පිළිකුල් සහගත ලෙස බලන තත්වයක් දැකිය හැකි බවත් එහෙත් මෙම වෛරසය ශ්වසන මාර්ගය ආශ්‍රිතවන තත්වයක් මිස කිසිදු පිළිකුල් සහගත තත්වයක් ඇති නෙකර ගත යුතු බව පැවසූ ජා සිංහ මහතා , මෙහි ගැටළුව වන්නේ විශාල වශයෙන් පැතිර යාමේ ඇති හැකියාව සහ ඇතැම් අයට යම් යම් අසාත්මකතා ඇතිවී අසාධ්‍ය තත්වයට පත්වීම බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya