ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (21) පැවැති විශේෂ රැස්වීමක් අතරතුරදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ ජනතාව ඒකරාශි නොවන අයුරින් ඔවුන් සදහා අවශ්‍ය මුලික ආහාර ද්‍රව්‍ය මිළ දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර (ඇතුල්කෝට්ටේ,දෙහිවල ,ගල්කිස්ස,සීතාවක,කොළඹ දකුණ,මහරගම,හෝමාගම,කඩුවෙල,පිළියන්දල,බත්තරමුල්ල,හා කොළොන්නාව) හා ඒ යටතේ පවත්නා ප්‍රාදේශිය සමූපකාර මෙන්ම නාරාහේපිට
රත්මලාන,මීගොඩ හා බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන හරහා ද මෙම ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට නියමිත වේ.
මේ සදහා අවශ්‍ය සියලු භාණ්ඩ තොග මේ වන විට විවිධ සේවා සමූපකාර සමිතිවලට රැස්කර ගන්නා ලෙසත්,ඒ සදහා අවශ්‍ය භාණ්ඩ කඩිනමින් විවිධ සේවා සමූපකාරවලට ලබා දිමට මාක් සෙඩ් ආයතනයේ සාමාන්‍යධිකාරි වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.
භාණ්ඩ බෙදාහැරිමේදී ජනතාව අතර මීටරයක පරතරයක් පවත්වා ගතයුතු අතර ඒ සදහා ග්‍රාම නිලධාරින්,සමෘධි සංවර්ධන නිලධාරින්,හා අවශ්‍ය විටක කේෂත්‍ර නිලධාරින් ද යොදා ගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කළ අතර, මෙම සෑම සමූපකාර හා අර්ථික මධ්‍යස්ථානයකට ම පොලිස් ආරක්ෂාව ලබා දිමට කටයුතු කරන ලෙස පැමිණි සිටි උසස් පොලිස් නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.
තවද මෙම ඇදිරිනීති කාල සීමාව තුළ ළමා නිවාස හා වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට අදාළ පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරන ලෙස ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදි.එමෙන්ම සතොස මගින් සිවිල් ආරක්ෂක බලකාය යොදාගෙන රු. 515ක මිළකට බෙදාහැරිමට සකස්කරමින් පවතින බඩු පාර්සල් බෙදාහැරීමේදි, වඩාත් අවධානය යොමු කළ යුතු ප්‍රදේශ පිලිබදව ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු ලබා ගන්නා ලෙසත්,එහිදී විශේෂයෙන්ම තට්ටු නිවාස හා සමූහ නිවාස පිහිටි ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් සතොස මෙහෙයුම් කළමණාකරුට හා සහකාර සමූපකාර කොමසාරිස් වෙත උපදෙස් ලබා දෙන ලදි.
මේ අතර කඩුවෙල නගරාධිපතිතුමා විසින් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරිම සදහා Hot line එකක් හදුන්වා දී ඇති අතර එම අංකය හා සම්බන්ධවීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම නිවසට ගෙන්වා ගත හැකිය. මෙම වැඩ පිළිවෙළ කොළඹ මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ඇගයීමට ලක් වු අතර එම ක්‍රමවේදය සියලුම විවිධ සේවා පමූපකාරවලට ක්‍රියාත්මක කිරිමට උත්සහගන්නා ලෙස දිසාපතිතුමා විසින් උපදෙස් ලබා දෙන ලදි.
ජනාධිපතිතුමාගේ හා ජනාධිපති ලේකම් තුමාගේ උපදෙස් පරිදි මෙම හමුව පැවැත්වුනේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙණි.ඒ සදහා කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය,කොළඹ දිස්ත්‍රික් පොලිස් ප්‍රධානින්,සතොස මෙහෙයුම් කළමණාකරු,සතොස සහකාර කොමසාරිස්,ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරුවන්,විවිධ සේවා සමූපකාර නියෝජිතයින් හා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ ඇතුලු රාජ්‍ය නිළධාරින් පිරිසක් සහභාගීවීය.