මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන ප්‍රතිපත්තිවලට ගරු කර ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ කටයුතු කරන්න- ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1589ක් අත් අඩංගුවට

    මාර්තු 23, 2020

    ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එළියට පැමිණිය යුත්තේ අත්‍යාවශ්‍යම කාරණයකට පමණක් බවත් එක් අයෙකු පමණක් නිවසෙන් බැහැරට පැමිණෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සෞඛ්‍ය පුරුදුවලට ගරු කරන ලෙසත් ඉල්ලා සිටි අජිත් රෝහණ මහතා,වෙළඳ සැල් හිමියන් මේ ගැන වගකීමෙන් කටයුතු කරන ලෙසත් දුරස්ථභාවය ඇතිව විනීතව තම අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගෙන නිවෙස්වලට යන ලෙසද අජිත් රෝහණ මහතා ජනතාවට පවසයි.

    ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1589ක් හා වහන 362ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා පැවසීය. ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙයි.ගර්භනී මාතාවන් සඳහා සායන ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya