මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    කේරළ ගංජා කිලෝ 76 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට

    මාර්තු 23, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 22 වන දින තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 76 කට අධික තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.


    මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර,. ඒ අනුව 2020 මාර්තු 22 වන දින උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ සැක සහිත බෑගයක් (01) නිරීක්‍ෂණය කර ඇත.

    පසුව ඒ පිළිබඳ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී එම බෑගය තුළ තිබී පාර්සල් 16ක් වශයෙන් අසුරා තිබූ තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 76 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, ඒ අනුව එම කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

     

    නාවික හමුදාව විසින් සිදුකරන අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි සැක පල කරන අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya