මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තම සමාජ වගකීම ඉටු කරයි - දෙපාර්තමේන්තු පරිශ්‍රයම විෂබීජ හරණය කරයි

    මාර්තු 23, 2020

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් පොල්හේන්ගොඩ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විෂබීජ හරණය සිදු කිරීමට අද (23) කටයුතු කළේ ය.

    කොවිඩ් 19 නොහොත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් මේ වනවිට රජය විසින් ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබේ.


    එහි තවත් පියවරක් ලෙස අද (23) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය මෙසේ විෂබීජ හරණය සිදු කළේ ය.

    දෛනිකව ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව භාවිතා කරයි.ජනතාව දැනුවත් කෙරෙන රජයේ විශේෂ මාධ්‍ය  හමුව මෙන් ම කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇතුළු මාධ්‍ය සකච්ඡා පවත්වන්නේ ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ය.

    එබැවින් ජනමාධ්‍යවේදීන්ගේ ද ආරක්ෂාව වෙනුවෙන් මෙන් ම පරිශ්‍රයට පැමිණෙන නිලධරීන්ගේ සුරක්ෂිතතාවය සඳහා මෙම විෂබීජ හරණය සිදු කළ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තම සමාජ වගකීම ඉටු කිරීමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කළේ ය

    රජයේ මෙන් ම සෞඛ්‍ය අංශ විසින් ලබාදෙනු ලබන උපදෙස් පිළිපැදීමට නිලධාරීන්ට මේ වනවිටත් උපදෙස් ලබාදී තිබේ. එමෙන් ම කාර්යාලයට පැමිණෙන සියලු අය දෑත් පිරිසිදු කොට පරිශ්‍රයට ඇතුළ්වීමට දන්වා ඇති අතර දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සළසා දීමට ද කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya