පළමු ලංකික කොරෝනා රෝගියා ලෙස ඇතුළත් වූ සංචාරක මඟ පෙන්වන්නෙකු වූ පුද්ගලයා පූර්ණ සුවය ලබා අංගොඩ උණ රෝහලෙන් නිදහස් කිරීමට මෙරට සෞඛ්‍ය සේවයට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවට තමා බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (23) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.
පළමුව ඇතුළත් කළ රෝගියාව මෙලෙස පළමුව සුවපත් කර නිදහස් කිරීමට හැකි වීම ශ්‍රී ලංකාවාසීන්ට විශාල අස්වැසිල්ලක් මෙන්ම සතුටක් වන බවත් අමාත්‍යවරිය මෙහි දී කියා සිටියාය.
ඒ සම්බන්ධයෙන් කටයුතු කළ උණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ට,හෙද කාර්යය මණ්ඩලයට, කනිෂ්ඨ කාර්යය මණ්ඩලයට මෙන්ම රෝහලේ සියලු දෙනාට තමා විශේෂයෙන් ස්තුති වන්ත වන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ කැප වීමෙන් කටයුතු කළ බවත්, කියා සිටී අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාමත් ශක්තිමත් සෞඛ්‍ය සේවයක් බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු දේ සැපයීමට කටයුතු කරමින්, ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් මඟ පෙන්වීම හා උපදෙස් ලබා දීම මත මෙම කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ මහත්මිය එහි දී ප්‍රකාශ කර සිටියාය.
එමෙන්ම, යුධ හමුදාපති තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව, මෙම කටයුත්තේ දී සෞඛ්‍ය අංශ හා එක්ව එකතු වී කටයුතු කිරීම මඟින් මෙරට පවතින තත්ත්වයෙන් මුදවාගැනීමට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද මෙහි දී කියා සිටියාය.