COVID – 19 වෛරසය මිනිසුන් අතර පැතිරීම වැළකීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට අනුගතව කටයුතු කළ යුතු බවත්, ඇඳිරිනීතිය ඉවත් කරන අවස්ථාවේ දී මිනිසුන් වෙළඳසැල් වෙත පැමිණ අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාමට පැමිණීමේ දී රජය විසින් මේ වන විට යම් යම් වැඩපිළිවෙලවල් ඇති කර තිබෙන අතර, ඉන් නොනැවතී අදාළ වෙළඳසැල් විසින් අවස්ථාවට උචිත පරිදි සමාජ දුරස්ථභාවය ඇති වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, මුඛ ආවරණ පළඳා නොමැති පුද්ගලයින් ව තම වෙළඳසල් වෙත ඇතුළු කර නොගැනීම කාලෝචිත නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවට ප්‍රකාශ කර සිටී.
තවමත් ශ්‍රී ලංකාව තුළ සමජියමය මට්ටමින් වෛරසය පැතිරීමක් දක්නට නොමැති බැවින් එසේ මුඛ පළඳනා පැළඳීමේ දැඩි අවශ්‍යතාවයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍යමය පුරුදු තවදුරටත් අනුගමනය කිරීම බවත්, කියා සිටි අනිල් ජාසිංහ මහතා යම් හෙයකින් මුඛ ආවරණ පැළඳීමේ දැඩි ව අවශ්‍යතාවය පවතින්නේ නම් එවිට ඒ බව ප්‍රකාශ කර සිටින බව ද මෙහි දී අවධාරණය කර සිටී.
හැකි තරම් සමාජ දුරස්ථභාවය ඇති කිරීමට කටයුතු කිරීම මඟින් මෙම රෝගය ජනතාව අතර පැතිරීම වැළක්වීමට හැකි බව ද ප්‍රකාශ කර සිටී,