විදෙස් ගතව සිට මෙරටට පැමිණි 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙම පිරිස ලංකාවට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සියලු පහසුකම් ලබාදෙමින් නිරෝධායනය කර තිබුණි. මේ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මෙන් ම සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණි.
ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව යනු ඇත.
පළමු ලංකික කොරෝනා රෝගියා ලෙස ඇතුළත් වූ සංචාරක මඟ පෙන්වන්නෙකු වූ පුද්ගලයා පූර්ණ සුවය ලබා අංගොඩ උණ රෝහලෙන් නිදහස් කිරීමට මෙරට සෞඛ්‍ය සේවයට හැකි වූ බවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාමත් ශක්තිමත් සේවයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ද ඊයේ (23) සඳහන් කර සිටියා ය
නිරෝධායන මධ්‍යස්ථාන 45ක 3548ක ජනතාවක් නිරෝධායනය වන බවත් නිරෝධායනය වූ පළමු කණ්ඩායමක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව අද (24) දිනයේ දී නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඔවුන් මුදවා හරින හැරීමට කටයුතු කරන බව ඊයේ (23) යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සඳහන් කළේ ය