ශ්‍රී ලංකාව තුළ COVID – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඇති වී ඇති තත්ත්වයන් සමඟ එය වසංගත තත්ත්වයක් වීම වැළක්වීම සඳහා ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ සහභාගිත්වය අගය කරනු ලබන බවත්, පවත්නා හදිසි තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව ඇති ජනතාව වෙත සහන සැලසීම සම්බන්ධයෙන් හා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් කාලෝචිත තීරණයේ වැදගත්කම අගය කරනු ලබන බවත්, ශ්‍රී ලංකා පරිපාලන සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම, COVID -19 පාලනය සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැරකිරිම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සංගමයෙන් රුපියල් මිලියන 2.5 ක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කිරීම ද අද (24) සිදු විණි.
එමෙන්ම, පවතින අපදා තත්ත්වය හමුවේ ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සාකච්ඡා සමඟ සාකච්ඡා කරනු ලබන බවත්, ඒ අනුව වඩාත් අවදානම් මෙන්ම පහළ ආර්ථික ශක්‍යතාවයක් ඇති ජනතාව වෙත හදිසියේ යම් යම් සහන සැලසීමට ද සිදු වන බැවින් එකී අවශ්‍යතා සැපිරීම සඳහා මෙම සංගමය විසින් ජනාධිපතිතුමා පෙර දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම සහන සැලසීමේ අරමුදල පිහිටුවීමට කටයුතු කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.