මේ වන විට කරනු ලබන පරීක්ෂණ වලින් අද දින COVID – 19 අසාදිත යයි කිසිඳු රෝගියෙකු වාර්තා නොවීමත් සමඟ ගනු ලැබූ ක්‍රියාමාර්ග හමුවේ වූ ශ්‍රී ලංකාව මුළු ලොවටම ආදර්ශයක් දෙමින් පවතින බවත්, ඉදිරියටත් එලෙසම ඉතාමත් හොද මට්ටමින් වෛරසය මැඩපැවැත්වීමට පවත්වාගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එහෙත් ඇතැම් පුද්ගලයින් තවමත් මෙම කර්තව්‍යට නිසි අයුරින් ඇහුම්කන් නොදීම මත පවත්නා තත්ත්තවය අයහපත් තත්ත්වයට පත් විය හැකි බවත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී (25) අවධාරණය කර සිටියාය.
ඔසුහල් වල දී සහ කොළඹ නගර සභාවේ පිරිසිදු කටයුතු සඳහා යොදවා ඇති පුද්ගලයින් කිසිඳු දුරස්ථභාවයකින් තොරව කටයුතු කිරීම තමන්ට අද දිනයේ දී තමන්ට නිරීක්ෂණය වූ බව මෙහි දී ප්‍රකාශ කර සිටියාය. එවැනි අවස්ථා මෙම පවතින තත්ත්වය වඩා අයහපත් කිරීමට එකී පුද්ගලයින්ට හැකි බවත් මෙහි දී අවධාරණයෙන් යුතු ව කියා සිටි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් ප්‍රකාරව රජයක් වශයෙන් ඉදිරිය දෙස බලා ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ සදහා සහයෝගය ලබා දී, රජය මඟින් ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදිමින් කටයුතු කිරීම ජනතාව සතු වගකීමක් බවත්ය.
කෙසේ වුව ද, ඉතාලිය වැනි රටවල් හා සැසඳීමේ දී ලංකාව ඉතා හොදමට්ටමකට COVID – 19 වෛරසය පාලනය කිරීම උදෙසා ගත යුතු සැම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් මෙහි දී කියා සිටි අතර නිරන්තරයෙන් මීටරයක පරතරය පවත්වාගනිමින් පුද්ගලයින් හා කටයුතු කිරීම අවශ්‍ය බවත්, නිවෙස් තුළට ඇතුළු වීමේ දී දෑත හොඳින් සබන් යොදා පිරිසිදු කර ගනිමින් සෞඛ්යාරක්ෂිත බව රඳවා තබා ගැනීම අතවශ්‍ය බව ද මෙහි දී අවධාරණය කර සිටියාය.