අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි
කොරෝනා වෛරසය තත්ත්වය හමුවේ පීඩාවට පත්ව තිබෙන පෞද්ගලික අංශ ආයතන රාශියක් තිබෙනවා. ඇගලුම් කර්මාන්තශාලා වැසුනොත් ලක්ෂ සංඛ්‍යාත අපේ ජනතාවට ජීවත්වීම පිළිබඳ වෙන විකල්පයක් නැති වෙනවා.රටවල් වහලා තියෙනවා අමුද්‍රව්‍ය ලබාගැනීමේ ප්‍රශ්න තිබෙනවා. ඇදුම් මිලදි ගන්න රටවල් ඒ ඇදුම් මිලදී ගන්නේ නැත්නම් බලයෙන් විකුනන්න බෑ. ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් රජය කල්පනා කරන්නේ.
සංචාරක කර්මාන්තයේ සෘජු හ වක්‍ර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවනෝපාය සළසා ගන්නවා.රජය වශයෙන් සංචාරක කර්මාන්තය සහාය දෙනවා කියන්නේ ලොකු මිනිසුන්ට සහන ලබාදෙනවා කියන එක නොවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ සිටිනවා. ටැක්සි, වෑන් ලීසිං කරලා තිබෙනවා නම් , ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 06කට අත් හිටුවන්න ජනාධිපතිතුමා ගෙනා කැබිනට් මණ්ඩලය යෝජනාවට අනුමැතිය ලබාදුන්නා. බස් රථ, පාසැල් වැන් රථවලට ආදායමක් නෑ. අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවට මාර්තු 24 දින සිට මාස 06 යන තෙක් ලීසිංවලට වාරික පොළී ගෙවීම අත්හිටුවා තිබෙනවා. වඩාත්ම ජනතාවගේ අර්බුදය ගැන අවබෝධයෙන් මේ තීරණය ගෙන තිබෙන්නේ. වාණිජ බැංකු ,මූල්‍ය ආයතන කල්බදු සමාගම්වලින් ලීසිං අරන් තිබෙනවා නම් එය අත් හරිනවා.
රජයේ පුද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයා, රජයේ සේවකයාගේ වැටුපෙන් කපා ගන්නා ණය වාරිකය අඩු කරගැනීම මැයි මස 30 දක්වා අත් හිටුවා තිබෙනවා. ලක්ෂ 10ට අඩු පුද්ගලික ණය,සුළු පරිමාණ ණය අයකරගැනීම මාස තුනකට අත් හිටුවනවා. විධිමත් වෙළඳපොළේ ගත් ණයට පමණයි රජයට බැලිය හැක්කේ. ණය පත්වලින් ගණුදෙනු කිරීමේ දී 50,000ට අඩු නම් සියයට 15% දක්වා පොළී අනුපාතය අඩු කිරීමට කටයුතු කෙරෙනවා. අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කර තිබෙනවා. පොළී රහිත ණය සමෘද්ධි බැංකු හරහා ලබාගැනීමට හැකි වී තිබෙනවා. විශාල සහන පැකේජයක් ඉදිරිපත් කරලා, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමත කරලා, එය ජනතාවට ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය