අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශනයකට පිළිතුරු ලබාදෙමිනි.
වර්තමාන තත්ත්වය අනුව කුඩා තේ වතු හිමියන් පමණක් නොව සියලුම ක්ෂේත්‍රයන් හි ස්වයං රැකියාවන් වල යෙදුණු විශාල පිරිසක් දැඩි අර්බුදයකට ලක් ව ඇති බව කී රමේෂ් පතිරණ මහතා, ප්‍රකාශ කර සිටියේ මෙලෙස සහන සැලසීම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති පදවියට පත්වීමේ දී ම ගත් ප්‍රතිපත්තිමය තීරණයක් වූ බවත් ,දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් ද එකී ප්‍රතිපත්ති ඉදිරියට ද ක්‍රියත්මක කෙරෙන බවත්, එලෙස දේශීය දේ සඳහා දිරි දීම් සිදු කරන බව ද මෙහි දී අවධාරණය කර සිටියේය.
එමෙන්ම, මෙවැනි තත්ත්වයන් හමුවේ එවැනි රාජ්‍ය දිරි ගැන්වීම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය. රට තුළ පවතින තත්ත්වය හමුවේ යම් යම් ශුභ කටයුතු ද සිදු වන බවත්, පෙර දී විදේශයෙන් අපනයනය කරන ලද ඇතැම් දේ විවිධ ලාංකික නිෂ්පාදකයින් විසින් ඒවා මෙරට දී නිෂ්පාදනයට යොමු වී තිබෙන බව ද පැවසීය.
ඒ අනුව, මුහුණු ආවරණ, රෝහල් වලට අවශ්‍ය දියුණු වෙන්ටිලේටර්ස් මෙන්ම පුද්ගලික ආරක්ෂණ උපාංග ආදිය ත්‍රිවිධ හමුදාව සහ වෙනත් නිෂ්පාදකයින් ද ඇතුළුව මෙරට දී නිෂ්පාදනය කිරීමට උත්සුක වී ඇති බවත්, බොහෝ රටවල මුහුණු ආවරණ හිඟයක් පවතිද්දී, මෙරට දී ඒවා නිෂ්පාදනය කර සියලුම රෝහල් වලට අවශ්‍ය මුහුණු ආවරණ සියල්ල සපයමින් තිබෙන බවත්, එවැනි දේ දේශීය ආර්ථිකයේ ඉදිරි පිම්මක් සදහා ඉතාමත් හොඳ ක්‍රියාවලියක් බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.
එමෙන්ම, ඉදිරි කාලයේ දී පවත්නා තත්ත්වයට අනුගත වෙමින් අපගේ පරිභෝජනය පිළිබඳව හැඟීමකින් යුතුව කටයුතු කරන ලෙසත්, දේශීය නිෂපාදනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සැම විටම ඉස්මතු වෙමින් පවතින බවත් මෙහි දී අවධාරණය කර සිටි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරටට අවේණික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් කෙරහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම රටේ ජනතාවට ඉතාමත්ම වැදගත් වන බවයි.