රට තුළ පැතිර යන ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ගෙන ඇති ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මගින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහනේ තවත් වැඩසටහනක් මාර්තු 26 රාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. එහිදී රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල සහ රාගම පොල්ගහහේන ජේසු බිළිදු පෙර පාසල යන ස්ථානයන් නියමිත ක්‍රියාපටිපාටිය අනුව විධිමත්ව විශබීජ හරණය කිරීම සිදු කරන ලදි.
නාවික හමුදාව රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණය සිදු කළ දෙවන අවස්ථාව මෙය වන අතර, ඉදිරියේදීද මහජනාව ගැවසෙන පොදු ස්ථානයන් කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩව විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.