ඒ අනුව, ඔවුන්හට තවදුරටත් ස්වයංව නිරෝධායනය වී නිවෙස් තුළ තවත් දින 14 ක් රැඳී සිටින ලෙස උපදෙස් දී මෙලෙස මුදා හැර ඇති බව එම නිවේදනය මඟින් වැඩි දුරටත් සඳහන් කළේ ය.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් තම නිරෝධායන කටයුතු නිමවීමෙන් පසු නික්ම ගිය මුළු පිරිස 678 දෙනකු බවත්, නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් යටතේ 2,866 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බවත්, එම පිරිස අතරින් 443 දෙනකු ද අද දිනයේ දී මුදා හැරීමට නියමිත බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.