වාර්තා වී ඇති COVID – 19 ආසාදිත 102 න් 26 දිනයේ දී ද සිව් දෙනකු අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බවත්, ඔවුන් තවදුරටත් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් මෙසේ නිවෙස් කරා ගිය අබව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (26) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.
ඒ අනුව, අද දිනයේ සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ වලින් කිසිඳු රෝගියෙකු මෙම ප්‍රකාශය නිකුත් කරන අවස්ථාව වන විටත් වාර්තා නොවන බවත් මෙහි දී සතුටින් යුතුව ප්‍රකාශ කරන ලද අතර එවැනි කිසිඳු රෝගොයෙකු වාර්තා නොවන දෙවන දිනය (26) වේ.
ඒ අනුව, උණ රෝහලෙන් ප්‍රතිකාර ගනු ලබන වෛරසය අසාදිත රෝගීන් සියල්ල ක්‍රම ක්‍රමයෙන් සුවය ලබනු ඇතැයි තමන් විශ්වාස කරනු ලබන බවත්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එනම් වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩලය, සුළු සේවක කාර්යය මණ්ඩලය, රියදුරුමහත්වරුන් ආදී සියලු දෙනාම කිසිඳු අවදානමක් නොතකා තම සේවය අඛණ්ඩව ලබා දීමට කැප වී කටයුතු කිරීම මුලු මහත් ජාතියේම ගෞරවයට ලක් විය යුතු බවත්, මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කටයුතු කිරීම නිසා ඔවුන් ඇතැම් සමාජයේ ජන කොටස්වල කෙනහිලි කම් වලට ද ලක් ව ඇති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහත්මිය මෙම උතුම් කර්තව්‍ය සිදු කිරීමට උපකාරී වන ඔවුන්ට එවැනි කෙනහිලිකම් කරමින් සමාජයෙන් කොන් කිරීමට කටයුතු නොකරන ලෙස සියලු ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටියාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත හැකි සැම පියවරක්ම කඩිනමින් ගනිමින්, අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන යුහුසුළුව ඉදිකරමින්, අවශ්‍ය නිරෝධායන කටයුතු සිදු කරමින්, හා අනිකුත් දෑ පිළිබඳව ද සේවය නොපිරිහෙලා ලබා දෙමින් කටයුතු කරන යුධ හමුදාපති තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාහටත් ජාතියේ ගෞරව ලැබීය යුතු බවත් මෙහි අවධාරණය කර සිටියාය. ගුවන් හමුදාවේ ක්‍රියා පටිපාටිය ද අනෙකුත් ආරක්ෂක අංශ මෙන්ම මහඟු දායකත්වයක් ලබා දෙමින් කටයුතු කරමින් පවතින බවත්, ඔවුන් විසින් අයි.ඩී.එච්. රෝහලෙහි කොරෝනා රෝගීන් ගොඩනැඟිල්ලක් ද ඉදි කිරීමට කටයුතු කර ඇතිබවත්, ඔවුන් සියලුම දෙනා මෙම සාර්ථක ප්‍රතිඵල වල දායක කරුවන් කරමින් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියාය.
එමෙන්ම, මේ වන විට සුව සැරිය ගිලන් රථ සේවාවේ කාර්යය මණ්ඩලයට තම ස්තුතිය ප්‍රකාශ කර සිටින බවත්, ඔවුන් මේ අවස්ථාවේ විශාල අවදානමක් ගෙන කඩිනමින් තම යුතුකම කටයුතු කිරීමට කටයුතු කිරීම බොහෝ අගය කළ යුත්තක් වන බවත් ඒ මහත්මිය මෙහි දී ප්‍රකාශ කර සිටියාය.
එමෙන්ම, ජනාධිපතිතුමාගේ තීරණයකට අනුව සමෘද්ධි ලාභී පවුල් විසි ලක්ෂයකට සමෘද්ධි ව්‍යාපාරය හරහා මාස හයක සහන කාලයක් යටතේ රුපියල් 10,000 ක් කිසිඳු පොළියක් නොමැතිව අවුරුදු එක හමාරකින් ගෙවිය හැකි වන සේ ණයක් ලෙස ලබා ගත හැකි බවත්, මෙම අවස්ථාවේ දී එම සමෘද්ධි පවුල් වලට අස්වැසිල්ලක් වනු ඇතැයි ද, ඒ සඳහා අවශ්‍ය පුද්ගලයින් තම ප්‍රදේශය භාරව සිටින සමෘද්ධි නිළධාරීන් හා සම්බන්ධව එම ණය මුදල ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් දැනුම් දී සිටියාය.