කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය වැළැක්වීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධව ජනතාව තවදුරටත් දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය මේ බව සඳහන් කළේ ය.
ඇදිරි නීතිය උල්ලංඝණය කළ 533ක් ගෙවුණු පැය 24 තුළ අත් අඩංගුවට ගෙන වාහන 98ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඇදිරි නීතිය සහ නිරෝධායන කටයුතුවලට අවනත වී ජනතව කටයුතු කරමින් සිටිනවා. තවදුරටත් ඉවසීමෙන් යුක්තව වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙසත් රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වන බැවින් ඒ සඳහා ජනතා සහයෝගය තවදුරටත් ඉල්ලා සිටිනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.