නව කෙරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි හතරක් (04) නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරන ලද අතර, මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 64 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත. එසේම ඔලුවිල් වරාය පරිශ්‍රයේ ද වරාය අධිකාරිය සතු ගොඩනැගිලි දෙකක් (02) ප්‍රථිසංස්කරණය කර පුද්ගලයින් 80 දෙනෙකු සඳහා නිරෝධායන පහසුකම් ලබා දිය හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අත්තර්ජාල පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, ආදී සියළු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇත