අද (29) දහවල් 12.00 වන විට ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 56 ක් භාරයට ගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය මඟින් රටේ පවතින නිරෝධායන රෙගුලාසි වලට අනුගත වෙමින් මෙම අයවලුන් හට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම භාරයට ගත් වාහන කිසිවක් පවත්නා තත්ත්වය පහව යන තුරු මුදා නොහරින බවත්, ඒ අනුව ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඇඳිරිනීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට පත් වූ මුළු පිරිස 6,247 ක් බවත්, මොවුන් සියල්ලටම අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවටත්, ජාලිය සේනාරත්න මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.