මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් වල ඇදිරි නීතිය පෙ.ව. 6.00ටඉවත් කෙරේ

    මාර්තු 30, 2020

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින අතර සෙසු සියළුම දිස්ත්‍රික්කවල අද  මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලබන බව රජය පවසයි.

     

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස  රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න ලෙසත් ඇදිරි නීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ වෙළඳ සැල් සියල්ල විවෘත කර සියලු බඩු බාහිරාදිය ජනතාවට  ලබාදීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි .

    මේ වනවිට ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇත. ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා සෞඛ්‍ය අංශ හා ශ්‍රී ලංකා  තැපැල එක්ව ඖෂධ බෙද හැරීමේ වැඩපිළිවෙලක් ද මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ. ජනතාවට අවශ්‍ය බැංකු කටයුතු සඳහා ද රාජ්‍ය බැංකු ඇදිරි නීතිය ඉවත කර ඇති කාල සීමාව තුළ විවෘතව  පවතී.

    මහජනතාව ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, තමන්ගේ කඩයට ඇතුළත් කර ගැනීමේ දී සමාජ  දුරස්ථභාවය රඳවාගෙන ඇතුළට ගන්න කියලා ඉල්ලා සිටින බවය. එකම කඩයකට එක් රැස්වෙන්නේ නැතුව, කඩවල්වලට බෙදිලා ගිහිල්ලා,හැකිතාක් ශාරීරික දුරස්ථභවය රදවාගෙන තමන්ට  අවශ්‍ය බඩු ලබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටින බවද හමුදාපතිවරයා පවසයි.

    කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස මේ වනවිටත් නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට  ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya