මෙම සැකකරු විසින් එක්තරා පෞද්ගලික රෝහලක බිහි වූ දරුවෙකුට කොරෝනා රෝගය වැළඳී මිය ගොස් ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධව විමර්ශන කිරීමෙන් අනතුරුව ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට පත් වූ මෙම සැකකරු (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 08 වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්, මොහු මිට පෙර ප්‍රභල දේශපාලකයෙකුගේ මාධ්‍ය අංශයක සේවය කළ පුද්ගලයෙකු බවටත් මෙහි දී කරුණු අනාවරණය කරන ලදී.
ඒ අනුව, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන් 57 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරනු ලැබ ඇති බවත්, රට තුළ උද්ගත ව ඇති මෙවන් අවස්ථාවක මහජනතාව කැළඹෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිකුත් කිරීම බරපතළ වරදක් බවත්, පොලිසප්තිවරයාගේ නියමයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳව විමර්ශනය කරනු ලබන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර නිකුත් කරන්නන් සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් මෙහි දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා අවධාරණය කර සිටියේය.