ජනතාව අපහසුතාවයට පත් වු වේලාවේ දී ජනතවට සහනයක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක්. ග්‍රාම නිලධාරී වසමටම නිවසටම ගිහිල්ලා මුල් දීමනාව රුපියල් 5000 දීමනාව ලබාදෙමින් සිටිනවා. නිලධරීන් දැනුවත් කර තිබෙන්නේ, රජය ලබාදී ඇති සහනය ඉතා පහසුවෙන් ලබාදිමට කටයුතු කරන ලෙස. කොරෝනා වසංගතය හේතුවෙන් අඩු ආදායම්ලාභී හා සමෘද්ධිලාභීන් විශාල ගැටලු රාශියකට පත් ව තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති විශේෂ සාධන බලකායේ උපදෙස් පරිදි සමෘද්ධි සහනාධාර ලබන පවුල් සඳහා රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබා දීමට පියවර ගත්තා එසේම මෙහි මුල් පියවරක් ලෙස එක් පවුලක් සදහා රුපියල් 5000ක ලබා දෙමින් සිටිනවා.
සරළ අයදුම්පතක් පුරවා එය ළඟම ඇති සමෘද්ධි කාර්යාලයට ලබා දිය හැකියි.ඇඳිරි නීතිය යටතේ වුවද මේ වන විට මෙම මුදල් ලබා දෙමින් තිබෙනවා. පසුගිය දා සමෘද්ධිය ලාභීන් බවට පත් වු ලක්ෂ 4 ක ජනතාවට ද මෙම සහනය සැසෙන බවත් එ සදහා අරුණලු සහන ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරතිබෙනවා. එසේම මේ සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් ඇත්නම් සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතාට හෝ ළඟ ම ඇති සමෘද්ධි බැංකුවට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ නොඑසේම නම් අපගේ ප්‍රධාන කාර්යාලයේ පහත සදහන් අංකයන් වන 0714411947,0714118226,0711151967 යන්න අමතන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ ය.