ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් 134 දෙනකු නිරෝධායානයෙන් අනතුරුව සෞඛ්‍ය උපදෙස් මත මුදා හැරීමට කටයුතු කළ බවත්, මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 48 ක් තුළ 1964 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (30) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මාර්තු 31 දිනයේ දී 321 ක් දෙනකු මුදා හැරීමට කටයුතු කරන බවත්, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 104 ක්, පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11, ක් සහ වව්නියාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 206 දෙනකු ඊට ඇතුළත් බවත් යුධ හමුදාපතිවරයා නිවේදනය කළේය.
සීතාවක අපනයන ඇගලුම් කලාපයේ සේවයේ නියුතු 498 දෙනකුට යුධ හමුදාවේ මුලිකත්වයෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් නිවෙස් කරා යාමට පහසුකම් සැපයු බවද මෙහි දී සදහන් කළේය.
පුත්තලම කඩයනම්කුලම් ග්‍රාමයේ මිට දින දෙකකට සොයාගත් අසාදිත පුද්ගලයාගේ ගම්මානයේ 68 දෙනකු නිරෝධායනයට ලක් කොට ඇති බවත්, මහනුවර අකුරණ ප්‍රදේශය හුදෙකලා නගරයක් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවත්, අටලොගම ගම්මානයත් තවදුරටත් හුදෙකලා ගම්මානයක් කර ඇති බවත්, යාපනය අර්ධද්වීපයේ දිස්ත්‍රික්ක සියල්ල හුදෙකලා කිරීමට තීරණය කිරීමත් සමඟ මේ වන තෙක් රෝගය ව්‍යාප්ත වීම වැළකි තිබෙන බවත්, ඒ ආකාරයෙන්ම එකී ගම්මාන හුදෙකලා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණ වන බවත් මෙහි දී යුධ හමුදාපතිවරයා අනාවරණය කර සිටියේය.