වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,රටේ උද්ගත වි ඇති මෙම වසංගත තත්ත්වය අප්‍රේල් මස 20 වන දින පාසල් ආරම්භ කිරිම නිශ්චිතව කිව නොහැකි බව කීය. මේ හේතුවෙන් Self Learning හා E -Learning හෙවත් ස්වයං අධ්‍යාපනය හා විද්‍යුත් අධ්‍යාපනය යන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවත් ඒවා භාවිත කළ හැකි බව ද පැවසීය.
මේ වන විට පාසල් නිවාඩුව ලබා දී දින 19 වන අතර පාසල් හා පෙර පාසල් ළමුන් මිලියන 5.5 ප්‍රමාණයක් මේ වන විට නිවසට වී සිටින බව කීය. නිකරුනේ කාලය ගත කරන හෙයින් අප්‍රේල් මස 20 වන දින සිට ජාතික රුපවාහිනියේ එයෙ නාලිකාව හා නේත්‍රා නාලිකාව ඔස්සේ සිංහල හා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරිමට ජනාධිපතුමා හා කැබ්නට් මණ්ඩලය අද(01)අනමැතිය ලබා දුන් බව ද පවසා සිටියේ ය