තවද අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට කිසිදු සැලසුමක් නොමැති බවද විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව ලබා දී තිබූ කාලය රටේ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡාකර මෙම කාලෝචිත තීරණයන් ගත් බවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි සහ නේත්‍රා නාලිකා දෙක ඉදිරියේදී සිංහල සහ දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දරුවන්ට අධ්‍යාපන නාලිකා දෙකක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළ බව ද රට තුළ පවතින වාතාවරණය හමුවේ නිවෙස්වල රැඳී සිටින සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.