ඒ අනුව, වත්මන් ලෝක තත්ත්වයන් හමුවේ ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැනටමත් සහතිකයක් ලැබී ඇති බවත්, ලංකාවට අවශ්‍ය සහල් එළවලු ඇතුළු මූලික ද්‍රව්‍ය සියල්ලම ඉදිරි මාස හතරක කාලයකට සෑහෙන පරිදි නිෂ්පාදනය කොට ජනතාවට ආරක්ෂිතව ලබා දීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව මෙරට ජනතාව ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ සැකයක් ඇති කර නොගත යුතු යැයි ද මෙහි දී රමේෂ් පතිරණ මහතා පැවසුවේ ය.
ඉදිරි කාල වකවානු තුළ මෙරටට අනයනයන කරන ලද ආහාර වල හිඟ තාවයක් ඇති විය හැකි බැවින්, ඒ සඳහා ද විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් යෝජනා ඉදිරි පත් කළ බවත්, ඒ සඳහා සෞභාග්‍යා වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරන බවත්, මේ මස 09 වන දින එහි සමාරම්භක අවස්ථාවක් ලෙස අරඹා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද මෙහි දී සඳහන් කෙරිණි.
මේ යටතේ සියලු ශ්‍රී ලංකා වාසීන්ට ගෙවතු වගා ඔස්සේ, කුඩා කණ්ඩායම් සහ සමුහ ගොවිපළවල් ව්‍යාපෘති කිරීමටත්, කුඩා සහ විශාල පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යාපෘති කිරීමටත් අවශ්‍ය දිරිගැන්වීම සහයෝගය ලබා දීමට රජය විසින් ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී දැනුවත් කෙරිණි. ඒ සඳහා අවශ්‍ය පැළ/බීජ පොහොර යනාදිය ලබා දීමටත්, ඇතැම් විශේෂිත බෝග වර්ග වැඩි වශයෙන් වගා කිරීමටත්, ඒ අනුව, තල, රටකජු, උඳු, බඩ ඉරිඟු, මුන්,ලොකු ලූණු, රතු ලූණු, කුරක්කන්,අමු මිරිස්, අර්තාපල්, කව්පි, සෝයා, සහ කහ යනාදිය ඒ අතර වේ. ඒ සඳහා මේ වන විට රාජකාරි වලින් බැහැරව සිටින රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගෙන් තම දායකත්වය විශාල ලෙස ලබා දෙන ලෙස ද රජය මඟින් ඉල්ලා සිටි.