අප්‍රේල් (01) දා මීගමුව ප්‍රදේශයේ මිය ගිය වෛරසය අසාදිත පුද්ගලයා ඇසුරු කළ අයවලුන් සහ ඔවුන් ඇසුරු කළ තවත් අයවළුන් පිළිබඳව සෞඛ්‍ය අංශයේ බළධාරීන්ගේ උපදෙස් මත ලබා ගත් බුද්ධි අංශ තොරතුරු වලට අනුව හඳුනාගත් 302 ක් සහ එම පුද්ගලයින් ඇසුරු කළ තවත් පුද්ගලයින් 12 ක් ඔවුන්ගේ සහ අනිත් අයවලුන්ගේ යහපත උදෙසා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බව ද මෙහි දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ 1,741 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර අද (04) දිනයේ දී නිරෝධායන මධ්‍යස්ථාන 04 කින් 155දෙනකු ද තම නිවෙස් කරා යාමට නියමිතයි.
අද දියේ දී ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් යුෂ හමුදාව විසින් සිදු කරනු ලැබූ බව ද මෙහි දී යුධ හමුදාපතිවරයා විසින් සඳහන් කර සිටියේය.