මෙම අය රැගෙන ඒමට නාවික හමුදා කණ්ඩායමක් උදැසන පිටත්ව ගොස් තිබුණි. මෙලෙස කොළඹ වරායට සුරක්ෂිතව රැගෙන ආ තැනැත්තා, පූර්ණ විෂබීජ හරණයකට යොමු කළේ ය.
ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් අවධනය යොමු වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිතුමාගේ පූර්ණ මැදිහත්වීම අනුව මේ කටයුත්ත සිදු කල බවද කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නවික හමුදාව කටයුතු කළ බවත් මෙම තැනැත්තා ඉතාමත් ආරක්ෂාකාරීව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.