ජන ජීවිතය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සදහා රාජ්‍ය නිළධාරීන් ඉතාමත් දැඩි කැප විමකිම් යුතු ව කටයුතු කරනු ලබන බවත්, අප්‍රේල් 06 සිට 10 දින දක්වා නිවසේ සිට රාජකාරි කරන කාලයක් ලෙස රජය විසින් දනු දී ඇති විටෙක වුවත් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවත්, අත්‍යවශ්‍ය සේවා සඳහා පවතී න ජනාධිපති කාර්යය සාධක බළකායේ සම්බන්ධීකරණයෙන් යුතුව සැපයුම් සේවා පවත්වාගෙන යාමට සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත් වැනි කර්තව්‍යයන් රජය විසින් දිගින් දිගටම සිදු කරගෙන යනු ලබන බවත් මෙහි දී නාලක කළුවැව මහතා පවසනු ලැබීය.
මෙම අවස්ථාව වන විට රජය විසින් සහන පැකේජයක් හඳුන්වාදීමටත්, ඒ යටතේ වැඩිහිටි දීමනාව, අබාධිත දීමනාව, වකුගඩු දීමනා ආදී සියලු දීමනා ගෙවීමට කටයුතු කර ඇත. එමෙන්ම, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුපත් තැපැල් කාර්යයාල මඟින් ගෙවීමට ද කටයුතු කර ඇත. ලක්‍ෂ 40 කට ආසන්න පිරිසකට හිමිවන මෙකී දීමනා ලබා දීම වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් කැප වීමෙන් කටයුතු කරනු ලබන අතර, පවතින තත්ත්වය හමුවේ ජනතාව ඒකරාශී වීම අවම කිරීම වෙනුවෙන් නිවසටම සේවාව ලබා දීමට ද කටයුතු කරනු ලැබේ.
මෙය අලුත් අත්දැකීමක් වන අතර රජයේ ඉහළම නිලධාරියාගේ සිට ග්‍රාමීය මට්ටමේ සිටින සියලු නිළධාරීන් දක්වා ඔවුන්ගේ කැප වීම එවැනි සේවාවන් නිවසටම ලබා දීමට හැකිව තිබෙන බවත් නාලක කළුවැව මහතා පැවසිය.
ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් පරිපාලනය පැය 24 පුරාවටම මේ වන විට ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය සභා, පළාත් සභා ආදිය ද නිරන්තර කැප කිරීම් සිදු කරමින් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළ සුවිශේෂී මෙහෙයක් ඉටු කරණු ලබන බව ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.