එමෙන්ම, මෙරට දීර්ඝ කාලයක් තිස්සේ ස්වශක්තියෙන් ආර්ථිකය සවිමත් කළ මෙම අපනයන භෝග වගා වල නිරත වන්නන්ට ආර්ථිකමය වශයෙන් අපහසුතාවයක් සිදු නොවන ආකාරයෙන් ශක්තිමත්ව කටයුතු කිරීමට අවශ්‍ය සමාජයීය පසුතලය සකස් කිරීම ද මෙම තීන්දු තීරණ වැදගත් වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, තේ කර්මාන්තයේ දළු කැඩිම, ප්‍රවාහන කටයුතු මෙන්ම කුඩා තේ වතු හිමියන්, වැවිලි සමාගම්, තේ කර්මාන්ත ශාලා සහ ඒ සම්බන්ධ තැරව්කාර සමාගම්, අපනයන කරුවන්, ගබඩා කටයුතු මෙන්ම වෙන්දේසි කටයුතු සඳහා ද, පොල් ආශ්‍රිත කර්මාන්තයේ තවාන් කටයුතු, වගා කටයුතු සහ රෝපණ ද්‍රව්‍ය ප්‍රවාහනය, පොල් කැඩිම සිට සේවකයින් ප්‍රවාහන කටයුතු, වෙන්දේසි පැවැත්වීම සහ ගුදම් දක්වා ප්‍රවාහන සහ අපනයන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ද, රබර් කර්මාන්තයේ කිරි කැපීම, ප්‍රවාහනය, කර්මාන්තශාලා වල කටයුතු, නිෂ්පාදන ආයතන වලට ප්‍රවාහනය හා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට සහ අපනයන කටයුතු සඳහා ද මෙම ගනු ලැබූ තීරණ ඔස්සේ නිදහස හිමි වන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
එමෙන්ම, උක් සහ කජු වැනි අනෙකුත් සුළු අපනයන බෝග වගා කටයුතු වල නිරතවන අදාළ ක්‍ෂේත්‍ර හිමිකරුවන් සහ එම බෝග අපනයනය කිරීමට අවශ්‍ය නිදහස ද මෙම තීරණ යටතේ සැළසේ. එම කරුණු පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විධිමත් ආවරණ ලිපි නිකුත් කොට ඇත.
මෙරට මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා වෙත, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්, ශ්‍රී ලංකා පොලීසිය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වලින් මෙම කටයුත්ත විධිමත්ව පවතවාගෙන යාම සඳහා අවශ්‍ය පසුතලය සකසන මෙන් ද, අදාළ කටයුතු වලට සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලීම් කර ඇති බවත්, එම තත්වයන් තුළ ගත වන ඉදිරි කාලය ඇතුළත පසුගිය කාලය තුළ අකර්මණ්‍ය වූ යම් යම් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පසුතලය සැකසෙන බවත්, ඒ සඳහා නිරත වන සැම අයෙකුම සෞඛ්‍ය අංශයේ විධිවිධාන වලට සහ පොලිස් දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරන විධිවිධාන වලට යටත් ව කටයුතු වල නිරත වන බවට වග බලා ගන්නා ලෙසත් මෙහි දී අමාත්‍යවරයා නිවේදනය කර සිටියේය.
පවතී අයහපත් කාලයේ වුවද තේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ලබා දුන් නිදහස හේතුවෙන් ප්‍රථම වතාවට වසර 137 කට පසුව සිලෝන් ටී ට්‍රේඩර්ස් ඇසෝසියේශන් විසින් මෙතෙක් කල් පැවතී තේ වෙන්දේසියෙන් e-auction තත්ත්වයට පත් කිරීමට ද හැකි වූ බවත් මෙහි දී සඳහන් කර සිටියේය.