මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය පුහුණු අධිකාරියෙන් හොරණ රෝහලට කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 300 ක්

    අප්‍රේල් 09, 2020

    නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හොරණ ශාඛාව විසින් හොරණ මූලික රෝහලට අත්‍යවශ්‍ය කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල (safety overcoats) 300 ක් එම රෝහල වෙත පරිත්‍යාග කිරීම (07) පෙරවරුවේ එම රෝහලේදී සිදුවිය.


    නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතාගේ මගපෙන්වීම ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ සහ එහි අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මියගේ අධීක්ෂණය ද ඇතිව, වෘත්තීය පුහුණු අධිකාරියේ හොරණ ශාඛාවේ මැහුම් උපදේශිකා ගීතානී දිසානායක මහත්මිය යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය නිර්මාණය කරන ලදි.


    ඡායාරූප වලින් දැක්වෙන්නේ අදාල ඇඳුම් කට්ටල තොගය වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් අතුකෝරල මහතා සහ මැහුම් උපදේශිකා ගීතානී දිසානායක මහත්මිය විසින් හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය වෙත පරිත්‍යාග කරන අයුරු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya