මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර අවස්ථාවේ රට ගොඩනැගීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ආරාධනයක්- විශේෂ ගිණුමක්

    අප්‍රේල් 09, 2020

    මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩගැනීම සඳහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදෙස්වල සිටින ද්‍රවශීල අතිරික්ත විදෙස් මුදල් තිබෙන සියලු පාර්ශවයන්ට බදු සහන ලබාදෙන,පොලී අනුග්‍රහනයක් යටතේ විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (9) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    මෙම ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ද කී අමාත්‍යවරයා,ලොවපුරා සිටින මෙම ගිණුමට අවම මාස හයක් රඳවා තබා ගත හැකි ලෙස සහතික කළ තැම්පතුවක් ලෙස වඩා ඵලදායී ලෙස කන ආයෝජනයක් ලෙස සළකා තැම්පත් කිරීමට හැකි බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් පැවසීය.

    රටෙන් පිටවන විදේශ විනිමය ආරක්ෂා කිරීමට රටින් පිටවීම පාලනය කළ යුතු බව පෙන්න්වා දුන් අමාත්‍යවරයා, මෙහි වගකීම මහබැංකුව සතු බවත් රුපියල කඩා නොවැටී තබා ගැනීමට මැදිහත්ව කටයුතු කරන බවත් පැවසීය.

    එමෙන් ම සුඛෝපභෝගි භාණ්ඩ ආ නයනය කිරීම සීමා කර තිබෙන බවත් ඇතැම් භාණ්ඩ තාවකාලිකව ගෙන ඒම තහනම් කර තිබෙන බවත් කීය.රට රැකින්න රුපියල රැකෙන්න අව්ශ්‍ය නම් අනවශ්‍ය භණ්ඩ වලට ණයවර ලිපි නිකුත් කරන්න ඉදිරිපත් වෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya