එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකි ව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයාඇති විදුලිය විසන්දි කිරීමක් නොකරන ලෙස දඋපදෙස් ලබා දී ඇත.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මඟින් තවත් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට රජය අපේක්ෂා කරන බවත්,එමගින් විදුලි ඒකකයක් රුපියල් 10 - 12අතර ජනතාවට ලබා දීමට හැකියාව ලැබෙන බවත් කීය.
කොරෝනා වසංගතය තත්ත්වට හමුවේ වුවද නොරොච්චෝලේ විදුලි බලාගාරය ඇතුළු බලාගාරවල සේවය කරන සේවක මණ්ඩලයට තමා ප්‍රසංසා පළ කරන බවද ඇමතිවරයා කීය.