සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මෙම යෙදුම දියත් කරන ලදී.
ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ආරම්භ වීමත් ආසාදිත පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ ශක්තිමත් ජංගම යෙදුමක අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම යෙදවුම හදුන්වාදුන් අතර ඒ සදහා පෞද්ගලික ආයතන හා විවිධ පුගලයන් විශාල දායකත්වයක් දක්වන ලදී . වෛරස ආසාදිතයන් පිළිබඳව වෛද්‍ය බලධාරීන් විසින් බෙදාගන්නා ලද දත්ත මෙම යෙදුම තුළින් අදාළ අංශ වෙත ලබාදීම , බෙදාහැරීම , සහ අවශ්‍ය ප්‍රතිචාර ලබාදීම සිදුකෙරේ .google play, Huawei Appstore store සහ apple app store, මගින් බාගතකරගත් මෙම යෙදුම හා සම්බන්ධ වන පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය සටහන් කිරීමට නියම කරනු ලැබේ.
මෙම යෙදුමේ ප්‍රධාන ලක්ෂණය නම් වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු අනාවරණය වූ විට එම තොරතුරු සියලු පරිශීලකයින් සමඟ බෙදා ගැනීමයි. ඒ අතරම, ආසාදිත පුද්ගලයාගේ ගමන් මාර්ගය ඔබේ සිටින ස්ථාන හා සමගාමිව සිතියම් ගත කරන අතර එමඟින් යෙදුමේ පරිශීලකයා වෛරසයට ගොදුරු වූ අවාසනාවන්ත අවස්ථාවකදී, ගබඩා කර ඇති ස්ථාන පිළිබද ඉතිහාස තොරතුරු අදාළ අංශ සමඟ හෙළි කළ හැකිය. එමෙන්ම පසුගිය දින 14 තුළ පටිගත කරන ලද සියලු තොරතුරු ආරක්ෂිතව තබා ඇති අතර, ජංගම යෙදුම් පරිශීලකයාගේ අවසරයකින් තොරව කිසිදු බාහිර පද්ධතියකට එම තොරතුරු සම්ප්‍රෂණය නොකෙරේ.
මෙය සිදු කරනුයේ දත්ත සුරක්ෂිතව තබා ගැනීම සහතික කිරීමත් සමගිනි . එමෙන්ම ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කර ඇත්නම්, ඔබට ජාතික රෝග නිරීක්ෂණ පද්ධතිය සමඟ ස්වයංක්‍රියව ලියාපදිංචි වීමට අවස්ථාව උදාවේ . කොරෝන ආසාදිතයන් හදුනාගැනීම , ව්‍යාප්තිය පාලනය කිරීම ආසදිතයන්ගෙන් අනෙකුත් අය ආරක්ෂා විමටත් මෙමගින් හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය පවසයි.