මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් ප්‍රදානය කරයි

    අප්‍රේල් 12, 2020

    නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්  ජාසිංහ මහතා වෙත භාර දෙන ලදි.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින්  අප්‍රේල් 11 සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන  වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.

     

    කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ‍සඳහා ප්‍රථිකාර ලබා දෙනු ලබන වෛද්‍ය කාර්යය මණ්ඩලයන් හට ඉතා දැඩි අවශ්‍යතාවයක් වන සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල මසා නිම කිරීම සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය නේශන් ට්‍රස්ට් බැංකුව හා වත්තල ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් (Creative Textiles) ආයතනය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.

     

    එලෙස නාවික හමුදාව වෙත ලබා දෙන ලද අමුද්‍රව්‍ය යොදා ගනිමින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි‍ මහතාගේ මග පෙන්වීම යටතේ වැලිසර පිහිටි  නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය මගින් එම සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් ඉතා කෙටි කාලයක් තුල මසා නිම කරන ලද අතර, මේ සඳහා විශේෂයෙන් නාවික මැහුම් මධ්‍යස්ථානයෙහි රාජකාරි සිදු කරනු  ලබන සිවිල් සේවක පිරිස් මෙම ව්‍යසනකාරී වාතාවරණය හමුවේ වුවද ස්වේච්ඡාවෙන් සිය සහාය ලබා දීමට එක් වන ලදි.

     

    මෙසේ වැලිසර නාවික මැහුම් මධ්‍යස්ථානය තුල මසා නිම කරන ලද පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා වන සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් අප්‍රේල් 11  සෞඛ්‍ය  අමාත්‍යාංශ පරිශ්‍රයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් පිරිසක්, නේෂන් ට්‍රස්ට් බැංකුවේ සහ වත්තල ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් (Creative Textiles) ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටින ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya