මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නාවික හමුදාවෙන් තවත් නව නිර්මාණයක් කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කරයි  

    අප්‍රේල් 12, 2020

    කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නාවික හමුදාවෙන් තවත් නව නිර්මාණයක් කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කරයි

     

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව නිර්මාණයක් ලෙස නිශ්පාදනය කරන ලද අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) දෙකක් (02) කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කිරීම (අප්‍රේල් 11) සිදු කරන ලදි.

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ  අරමුණින්, 2020 මාර්තු 23 එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි. එසේම වෛරසය ආසාදිත පුද්ගලයින් සමීපයට  නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් ද නිශ්පාදනය කිරීමට පසුගිය දිනක නාවික හමුදාව සමත් වූ අතර,  වෛරසය ආසාදිත පුද්ගලයින් හට ප්‍රථිකාර කරනු ලබන ස්ථාන වෙතින් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහාද අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) නම් නව නිර්මාණය  නිශ්පාදනය කිරීමට නාවික හමුදාව සමත් විය. මෙම අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) හි විශේෂත්වය ලෙස වෛරසය ආසාදිත පුද්ගලයෙකු මගින් වෛරසය භාහිර  පරිසරයට නිරාවරණය වීම වළක්වාලමින් රෝගියා සිටින කුටිය තුළටම වාතය ඇද ගනිමින් එම වෛරසය සහිත වාතය තාපකයක් හරහා විනාශ කිරීමකට ලක් කිරීමෙන් පසු භාහිර පරිසයට මුදා  හැරීම සිදු කරනු ලබයි.

     

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත නාවික හමුදා මුලස්ථානයේ ඉංජිනේරු අංශය මගින් ‍මෙම අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room)  නිශ්පාදනය කරන ලද අතර, එවැනි කාමර දෙකක් අද (2020 අප්‍රේල් 11) කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි. එමගින් රෝහලෙහි ප්‍රථිකාර ලබන වෛරසය ආසාදිත  රෝගීන් මගින් රෝහල් පරිශ්‍රය වෙත පැමිණෙන ජනතාවට සහ රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාදනය වීම පාලනය කිරීමට හැකියාවක් පවතී. ‍

     

    එසේම රෝහලෙහි පරිශ්‍රයන් කිහිපයකම අළුත්වැඩියා කටයුතු සිදු කිරීම කරන ලද අතර, සීසීටීවී (CCTV) කැමරා පද්ධති සවි කිරීමද සිදු කරන ලදි. තවද ඉදිරියේදීද වෛරසය රට තුල ව්‍යාප්ත
    වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya