මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මධ්‍යයේ වුව ද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි බව මම විශ්වාස කරමි

    අප්‍රේල් 13, 2020

     

    අලුත් අවුරුදු දින පණිවුඩය

     

    මෙවර අලුත් අවුරුද්දට සුබ පතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනතුරක් අභිමුවෙහි හිඳිමිනි. එබැවින් මේ අලුත් අවුරුද්ද ගත කරන්නට ඔබට සිදුව  ඇත්තේ ද සෞඛ්‍යමය අවවාද හා නිර්දේශවලට යටත්වය.

    ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුවසෙතට අදාළව පැනවූ නීතිරීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේ දී ද ක්‍රියාත්මක කෙරෙන බව ඔබට සිහිපත් කළ යුතුය. මෙම සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මධ්‍යයේ වුව ද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි බව මම විශ්වාස කරමි.

     

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමගිය හා සහජීවනය පිළිබිඹු කරයි. එකම මොහොතක වැඩකරන අපට ජාතියේ ඒකාග්‍රතාවය පෙන්විය හැකිය. නිවස තුළ පමණක් හිඳිමින් මෙම
    චාරිත්‍ර ඉටු කර අපට අපගේ සාම්ප්‍රදායන් ඉදිරියට ගෙන යා හැකිය. එය ඉතා චාම්, සරල සහ උපේක්ෂා සහගතව අවුරුදු සතුට කැඳවා ගැනීමකි. මේ සරල බව, උපේක්ෂා සහගත බව ජාතියේ පැවැත්මට හේතු වූ බව ඉතිහාසය විමසීමෙන් පෙනේ. වසර සිය දහස් ගණනක් නොබිඳී පවත්වාගෙන ආ සිරිත් විරිත් තුළින් මතු වූ ජාතික හැඟීම්වල  වටිනාකම අද අපට වෙනදාට වඩා හොඳින් දැනේ.

    අද ලොවම සලිත කළ හා අසරණ කළ වසංගතයකට අපි සාර්ථකව මුහුණ දෙන්නේ සාම්ප්‍රදායිකව ජාතිය තුළ තිබූ එම බැඳීමත් ඒකාග්‍රතාවයත් ජන සංස්කෘතියේ ශක්තිමත් භාවයත් නිසාය.

    එබැවින් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද මෙවර අලුත් අවුරුද්ද ඔබගේ පවුලේ සාමාජිකයින් සමඟ පමණක් සමරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    ඔබ  සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya