මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුරයෙන් වට්ටක්කා කිලෝ 30000ක් මිල දී ගනී

    අප්‍රේල් 13, 2020

    විලච්චය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් වට්ටක්කා ඇතුළු එළවළු මිල දී ගැනීම රජය මගින් අරඹා තිබේ.

    ඒ අනුව පසුගිය දින දෙක තුළ පමණක් වට්ටක්කා කිලෝ 30000 ක් රජයෙන් මිළ දී ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. පසුගිය කන්න වල දී මෙන්ම විලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වට්ටක්කා අස්වැන්න ඉහළින් ලැබී තිබේ. දැනට අලෙවි කිරීමට ඇති වට්ටක්කා ප්‍රමාණය කිලෝ ග්රෑම් එක්ලක්ෂ පනස්දහසකට ආසන්නය .  මුළු දිස්ත්‍රික්කයේම දැනට හදුනාගෙන ඇති වට්ටක්කා කිලෝ ප්‍රමාණය ලක්ෂ තුනකට ආසනන්න වේ. ජනාධිපති කාර්යාලයේ අනුදැනුම ඇතිව අනුරධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ගේ මෙහෙයවීමනේ මෙම වට්ටක්කා මිල දී ගැනීම සිදුකරයි. එය ඒ ඒ ප්‍රදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදු කෙරේ.

    එම වට්ටක්කා තොග කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලට රැගෙන යාමට කටයුතු යොදා ඇත. එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් නොමද සහයක් ලැබේ. වට්ටක්කා කිලෝවක් රජයෙන් මිල දී ගන්නේ රුපියල් 30 ක මිළකටයි.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya