එහිදි සැකකරුවන් 08 අත්අඩංගුවට ගැනිමට හැකි වී තිබේ.
මෙම වැටලිමේදි නිති විරෝධි ලෙස පෙරණ ලද ස්ප්‍රිතු මිලිලිටර් 15000 ක් සමග කසිප්පු පෙරිමට යොදා ගන්නා බැරල් 05ක් හා තබ දගර ආදි උපකරණ රැසක් සුරාබදු නිලධාරින්ගේ භාරයට ගෙන ඇත. අත් අඩංගුවට ගත් භාන්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණවන බවද සුරාබදු නිලධාරින් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි දිනයේ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිතව ඇත.
කෝවිඩ් 19 වසංගතය වේගයෙන් පැතිරි යන අවස්ථාවක ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් මේ ආකාරයේ මහා පරිමාණ කසිප්පු පෙරිම හා බෙදා හැරිමේ මාර්ග වැටලිම තුලින් පුද්ගලයන් ඒකරාශී වීම වැලැක්වීමත් පුද්ගලයන් අතර දුරස්ථතාවය පවත්වා ගැනීමත් සමග කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශ පෙරදැරිව රජය විසින් පවත්වාගෙන යනු ලබන කොරෝනා වසංගතය පාලනය කිරීමේ අඛන්ඩ ව්‍යායාමයට මෙබදු සිදුවීම් මගින් බරපතල බලපෑම් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
මේ ආකාරයේ නීතිය කඩකිරීම් පිළිබද මහජන පැමිණිලි වෙතොත් ඒවා 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කළ හැකි වේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම, අතිරේක සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ, උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි හා සුරාබදු අධිකාරි ගාමිණී පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව සුරාබදු ස්ථානාධිපති උපුල් මාරසිංහ මහතාගේ මෙහෙය විමෙන් සුරාබදු පරික්ෂක ලලිත් විරසිංහ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ සුරාබදු නියාමක 651 වසන්ත පුෂ්පකුමාර, 1076 ඉෂාර දිසානායක, 1152 අක්ෂිත් උදාර යන නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කරන ලදි .