අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු හා පළතුරු මිල දී ගැනීමේ වැඩ සටහනේ දෙවන අදියර අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් මස 15 හා 16දෙදින පුරා ක්‍රියාත්මක වේ.
පළමු අදියරේ දී රට තුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක්ලබා දීමේ අරමුණින් හා සිංහල, දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිගයකින් තොරව බෙදා හැරීමේ අරමුණින් පසුගිය 11 හා 12 දෙදින තුළ එළවළු කිලෝ ග්රෑම් දශ ලක්ෂයක් මිලදීගෙන රටපුරා බෙදාහැරීමේ දැවැන්ත වැඩ පිලිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
ඒ පරිදිම රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල කෙසෙල් ගොවීන් විසින් අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කොට මෙතෙක් අලෙවි කරගත නොහැකි වූ කෙසෙල් අස්වැන්න මුළුමනින්ම මිලදී ගැනීමට එම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් වෙත මුදල් නිදහස් කර ඇති අතර එම දිස්ත්‍රික්කවල තෝරාගත් ස්ථාන කිහිපයකදී ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන් සහ කෘෂි උපදේශකවරුන් මගින් එම අස්වැන්න මිලදීගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත.එසේම ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටුවන පරිදි සාධාරණ මිල ගණන් යටතේ සෘජුව ගොවියාගෙන්ම කෙසෙල් මිලදීගැනීමට රජය තීරණය කර ඇත.
අනුරාධපුර හා මහවිලච්චියේ විශාල වට්ටක්කා ඵලදාවක් ඇති බවට වාර්තා වීමත් සමග එම තොග මිලදී ගෙන කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත බෙදා දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ඉහත දිනවලදීද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. සෘජුවම ගොවීන් වෙත ගොස් මිලදී ගැනීම සිදු කරන බැවින්අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව මෙම ක්‍රියාවලිය සිදුකරන බව රජය අවධාරණය කරයි.
මේ ආකාරයටම බදුල්ල දිස්ත්‍ර්ක්කයේ බණ්ඩාරවෙල, වැලිමඩ හා කැප්පෙටිපොළ යන ස්ථානයන්හී දී දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එළවළු මිලදී ගැනීමේ වැඩ සටහනක් මීට සමගාමීව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් තම අස්වැන්න අලෙවි කර ගැනීම පිළිබඳව අවිනිශ්චිතතාවයකින්
පසුවෙන ගොවි ජනතාව වෙත රජය ලබාදෙන මෙම සහනය රටේ ඉදිරි ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රජයේ කැපවීම පිළිඹිඹු කරන සහතිකයක්ද වේ.
පහත සඳහන් ස්ථාන වලදී සෘජුව ගොවියාගෙන් කෙසෙල් මිලදී ගැනීමට සූදානම් කර ඇත.