මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට

    අප්‍රේල් 15, 2020

     පවතින තත්ත්වය ලිහිල් කිරීම සෞඛ්‍ය අංශයේ පුර්ණ නිර්දේශ මත ...


    දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


    දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේය.

    පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ. දෛනිකව වේතන ලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ද ප්‍රධාන අරමුණකි.


    ඒ ඒ පළාත්වල කොරෝනා වෛරසය ආසාධිතයන්, ඔවුන් ළගින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ. දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් විය.


    නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කළ යුතු වෙනස්කම් ද ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය. ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරිහූ සඳහන් කළහ.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයට ද මෙය අවස්ථාවක් කරගත බව ජනාධිපතිතුමා සදහන් කළේය. ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya