එහි පළමු අදියර අප්‍රේල් 11 සහ 12 යන දෙදිනයන් හි දී නුවරඑළිය, දඹුල්ල, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථක ව සිදු කළ අතර එහි දෙවන පියවර 15 සහ 16 දෙදිනයන් හි දී රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂයෙන් කෙසෙල් අස්වැන්න මිල දී ගැනීම ද සිදු කෙරමින් පවතින බවත්, එමෙන්ම අනිකුත් ප්‍රදේශ වල පවතින එළවලු තොග අවශ්‍ය ආකාරයට විනාශ වීමට නොදී මිල දී ගැනීමට ද කටයුතු කරන බවත් මෙහි දී නාලක කළුවැව මහතා ප්‍රකාශ කර සිටි අතර තම අස්වැන්න පිළිබඳව ගොවීන් කිසි ලෙසකත් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති බවත් ප්‍රකාශ කර සිටියේය.
ගොවීන්ගෙන් කෘෂි අස්වැන්න මිල දී ගැනීම සඳහා දිසාපතිවරුන්ට අදාළ උපදෙස් රජය මඟින් ලබා දී ඇති බව ද සඳහන් කෙරිණි.
එමෙන්ම, සහන පැකේජයන් ක්‍රියාත්මක වීමේ දී ජනතාවට ඇති වන ගැටළු විසඳා ගැනීම සඳහා ළඟම සිටින රාජ්‍ය නිළධාරියා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සම්බන්ධ වී ග්‍රාමීය මට්ටමින් ම තම ගැටළු විසඳා ගන්නා ලෙසත්, මාධ්‍ය වෙත හෝ විවිධ පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමෙන් එතරම් ප්‍රතිඵලදායක නොවන බවත් මෙහි දී රජයේ ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දී සිටී.
ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී රජයේ ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියේ ය