එමෙන්ම, මෙම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන ඒ සඳහා ඉල්ලීම් සිදු කර ඇති තවත් කණ්ඩායම් ද සිටින බවත්, ඔවුන් හට ද මෙම කාර්යය සාධක බළකාය මඟින් ලබා දෙන ප්‍රතිලාභ ලබා දීම සඳහා පළාත් පාලන කොට්ඨාසයේ නියෝජිත තුමා, සමෘද්ධි සංවර්ධන නිළධාරී, කෘෂි පර්යේෂණ නිළධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිණිය, ආර්ථික සංවර්ධන නිළධාරී, ග්‍රාම නිළධාරී ආදී රාජ්‍ය නිළධාරීන් ගෙන් සමන්විත කමිටුවක් මඟින් එවැනි ප්‍රතිලාභ ලබා දීමට සුදුසු වන පුද්ගලයින් පිළිබඳ ලේඛන සකස් කර එකී ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනු ලබන බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියාය.
ඒ අනුව, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවා සපයන කණ්ඩායම් ලෙස - ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ගඩොල්, වැලි ආදී අමුද්‍රව්‍ය සැපයීම මෙන්ම වඩු, පෙදරේරු, ජලනළ, විදුලි කාර්මික, පින්තාරු යන ක්ෂේත්‍රයන් වල නියැලෙන පුද්ගලයින්ට හා ඒ සඳහා අත් උදව් ලබා දෙන කුලීකරුවන් ලෙස නියැලෙන පුද්ගලයින්ට, කර්මාන්ත ක්‍ෂේත්‍ර වල නිරත වන්නන් එනම් රසකැවිලි, කොහු, පාපිසි, සමරුඵලක, බතික්, ලෝහ වැනි ප්‍රදේශ මට්ටමින් කුඩා ප්‍රමාණයේ කර්මාන්තයන් හි නිරත වන පුද්ගලයින්ට, එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් සේවා සපයන්නන්ට - රුපලාවන්‍ය සේවා සපයන්නන් සහ එම ආයතන වල නිරත වන අයවලුන්ට, උත්සව භාණ්ඩ සපයන්නන්, උපකරණ සහ සේවා සපයන්නන්, ත්‍රිවිල් සහ මෝටර් සයිකල් අලුත්වැඩියා කරන පුද්ගලයින්, ඇඳුම් මසන්නන්, කොණ්ඩා කපන්නන්, ත්‍රිරෝද රථ රියදුරු වැනි සේවා සපයන කණ්ඩායම් වලට සහ ග්‍රාමීය මට්ටමින් අලෙවිකරුවන් - මාළු, එළවලු, පළතුරු, වෙළදාම් වල නිරත වූවන්, ආගමික ස්ථාන ආශ්‍රිතව වෙළදාම් සිදු කරන්නන්, වැනි කණ්ඩායම් වලට ද එම රුපියල් 5,000 ක දීමනාව ලබා දීමට ජනාධිපති කාර්යය සාධක බළකාය මඟින් තීන්දු කර ඇති බවත්, ඒ සඳහා එම පුද්ගලයින් විසින් ඉහත සඳහන් ග්‍රාමීය කමිටුව වෙත ඉල්ලුම් පත්‍රයක් යොමු කළ යුතු බවත්, එම ග්‍රාමීය කමිටු මෙම මස 17 සහ 18 යන දෙදිනයන් හි අදාළ වසම් තුළ රාජකාරි සඳහා රැස් වෙන බවත් මෙහි දී අවධාරණය කර සිටියාය.
එමෙන්ම, කුමන හෝ දේශපාලන පක්ෂයක නියෝජිත මහත්වරුන්ට හෝ ස්වේච්ඡා සංවිධාන වල පුද්ගලයින්ට එම ප්‍රතිලාභ ලබා දීමට සුදුසු පුද්ගලයින් සිටි නම් ඒ පිළිබඳව කමිටුව වෙත 17 හා 18 යන දිනයන් හි දී එකී ඉල්ලීම් කළ හැකියි. එහෙත් කමිටුවේ නිළධාරීන් විසින් ගන්නා තීරණ මත එම සහන ලබා දෙනු ඇත. ඒ අනුව ක්‍ෂේත්‍රයකට අනුව ප්‍රතිලාභ ලබා ගැනීමෙන් පසු වෙනත් ක්‍ෂේත්‍රයක් වෙනුවෙන් නැවත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කළ නොහැක. එම සහන ලබා දීමට සුදුසු පුද්ගලයින්ගේ ලේඛන 19 වන දින ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව 21 සහ 22 යන දිනයන් හි දී අදාළ ප්‍රතිලාභ සමෘද්ධි ව්‍යාපාරය හරහා ලබා දෙනු ඇත.