මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අමතර ඉල්ලීම් සදහා ද රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය තීරණය කරයි

    අප්‍රේල් 16, 2020

    දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත.

     

    එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි.

    දැනට දීමනාව ලබමින් සිටින සහ පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටි වැඩිහිටියන් 574,387 කට අමතරව තවත් ග්‍රාමීය කමිටු විසින් අනුමත කරන ලද 61,615 දෙනෙකුට රුපියල් 5,000 හි වැඩිහිටි දීමනාව රජය විසින් ගෙවීමට කටයුතු කෙරේ.

    එලෙසම දැනට දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි ආබාධිත පුද්ගලයින් 109,494 කට අමතරව තවත් 14,195 දෙනෙකුට රුපියල්, 5,000 ක දීමනාව රජය විසින් ගෙවීමට තීරණය කර ඇත.

    තවදුරටත් දැනට දීමනා ලබමින් සිටි සහ පොරොත්තු ලේඛණවල සිටි වකුගඩු රෝගීන් 38,747 ට අමතරව තවත් 5,884 දෙනෙකුට රජය විසින් රුපියල් 5,000 හි වකුගඩු දීමනාව ගෙවීමට ද තීරණය කර ඇත.

    මෙලෙස අමතරව ගෙවන සියලු දීමනා 2020.04.15 දිනයේ දී ග්‍රාම නිලධාරීන් මගින් අදාළ ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීම් සිදු කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් නිවේදනය කරයි.

    මේ පිළිබදව කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් 15 දින කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යශයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya