මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 48 ක පරිත්‍යාග

    අප්‍රේල් 17, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි.

    ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10ක්  විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.5ක් ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියෝ අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූහ.

     ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 ක්, එස්.ඩී. අමරසිංහ මහතා රුපියල් මිලියනයක් ද, Huawei ටෙක්නොලොජීස් ලංකා ප්‍රයිවටි ලිමිටඩ් ආයතය රුපියල් මිලියන 1.5ක් ද අද  අරමුදලට පරිත්‍යාග කළහ.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya