අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වූ පිරිස් වලට රුපියල් 5000ක ආධාරයක් ලබා දීමේ වැඩ සටහනට අමතරව මෙම ආධාර ලබා ඇති බවයි.
අවදානම් කළාපයක් ලෙස හදුනා ගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයන් 87030කට විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් මිලියන 2421.37 ගෙවා තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල දත්ත වලට අනුව වැඩිහිටි, ආබාධිත , ජ්‍යෙෂ්ඨ පුරවැසි වකුගඩු ආධාර ලෙස පුද්ගලයන් 54329කට රුපියල් මිලියන 271.64 ක මුදලක් ලබා දී ඇත. ගැබිනි මව්වරුන් 21831 ක් සදහා පෝෂණ ආධාර ලබා දීමට වැය කල මුදල රුපියල් මිලියන 43.66 කි.
මීට අමතරව පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින පවුල් 265,531 ක් හදුනාගෙන ඇති අතර ඒ සදහා රුපියල් 5000 දීමනාව ලෙස රුපියල් මිලියන 1327.65ක් ගෙවීමට නියමිතය.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම හේතුවෙන් රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් සිය ජීවනෝපාය කරගත නොහැකිව සිටින පවුල් වලට මෙම රුපියල් 5000ක ආධාරය ලබා දීමට ඒ සදහා පත් කල ජනාධිපති කාර්යය සාධන බලකාය තීරණය කළේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම අනුවය. මෙම වැඩපිළිවෙල වඩාත් විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සදහා ග්‍රාමීය
මට්ටමේ කමිටුවක් නම් කෙරුණු අතර එම කමිටුව හරහා අදාල පවුල් හදුනා ගැනින. වැඩ සටහන තවදුරටත් විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම
සදහා නව උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති බවත් මෙම අධාරය ලැබිය යුතු සියලු දෙනාටම ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.