මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ළදරු හා ළමා සායන ක්ෂේත්‍රයේ පැවැත්වීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 18, 2020

    සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් ළදරු හා ළමා සායන ක්ෂේත්‍රයේ පැවැත්වීමට අදාළ චක්‍රලේඛය තමන් විසින් නිකුත් කිරීමට කටයුතු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    PCR පරීක්ෂණ ඊයේ දිනයේ 508 ක් සිදු කිරීමෙන් අනතුරුව කිසිඳු වෛරස අසාදිතයෙකු හමු නොවුණ නමුත් (17) දිනයේ දී කරනු ලැබූ පරීක්ෂණ වලින් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකු හට වෛරසය අසාදිත වී ඇති බවත්, පෙරේදා දිනයේ දී කොටහේන ප්‍රදේශයේ හමු වූ වෛරස අසාදිත කාන්තාව පිලිබඳ සොයා බැලීමේ දී ඇය ඉන්දියාවට යන අතර තුර දී ඇය අසල සිටි විදේශිකයෙකු නිසා ඇයට වෛරසය අසාදිත වූ බවට කරන ලද සොයා බැලීම් වලින් නිගමනයකට එළැඹිය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා (17) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම, රෝහල්වල ළමා හා ළදරු සායන ආදී වූ රෝහල් සායන නවතා ඇති නමුත් ඉදිරියේ දී ඉදිරියේ දී විවිධ ප්‍රදේශ වල යම් යම් ආකාරයෙන් ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල් සායන සඳහා තවදුරටත් යම් සීමා ඒ සඳහා පැනවෙන බව ද, කෙසේ වුව ද විශේෂයෙන් ළදරු හා ළමා සායන ක්ෂේත්‍රයේ පැවැත්වෙන බවත් ඊට අදාළ චක්‍රලේඛය තමන් විසින් නිකුත් කිරීමට කටයුතු කළ බවද අනිල් ජාසිංහ මහතා නිවේදනය කළේය.

    ඒ අනුව, එකී සායන වලට පැමිණීමේ දී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම සඳහා වැඩි සායන වර ගණනක් ක්ෂේත්‍රයේ පවත්වන ලෙස ඒ මහතා ඉල්ලා සිටි අතර සාමාන්‍යයෙන් සායන පවත්වන ස්ථාන වලට අමතරව ජනතාවට සමීප ස්ථාන වල සායන පවත්වා ජනතාව ගැවසීම අවම කරන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, සායනවලට පැමිණීමේ දී දරුවා සමඟ මව පමණක් පැමිණෙන ලෙසත් මෙහි දී අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දී සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya